Tuesday, September 24, 2024

සීනි, පිටි, කඩල, වියලි මිරිස්, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 2,500ක් වරායේ සිර වෙයි

සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500ක් පමණ තවදුරටත් ඩොලර් නො මැති වීම හේතුවෙන් වරායේ සිර වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඩොලර් නො මැති වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමද මේ වනවිට ගැටලුවක් වී ඇති බවයි.

සීනි, පිටි, කඩල, වියලි මිරිස්, පරිප්පු, සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි ද්‍රව්‍ය රැසක් මෙලෙස කොළඹ වරාය තුළ සිරව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය කාලයේ වරින් වර ඩොලර් ලැබුණ ද මේ වනවිට බැංකුවලින් ඩොලර් ලබා නො දෙන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඩොලරයේ අගය රුපියල් 230 දක්වා ඉහළ නැංවීමත් සමඟ ඉදිරියේ දී භාණ්ඩ ආනයනය කිරීමට වැඩි මුදලක් වැයවනවා.

ඒ අනුව ඉදිරියේ දී ආනයනය කරන භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles