Saturday, September 21, 2024

සීනි වලට පැන වූ පාලන මිල වැඩිකරන්නැයි ඉල්ලීමක්

සීනි සඳහා පැන වූ පාලන මිල කිලෝග්‍රෑමයකට රුපියල් 25 ක් වැඩි කර දෙන ලෙස සීනි ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

ආනයනකරුවන් දස දෙනකුගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියක සඳහන් වන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සීනි මෙට්‍රික් ටොන් 3000 ක්ද වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

දැනට පවතින පාලන මිල යටතේ සීනි අලෙවි කිරීමට නොහැකි බවද ආනයනකරුවන් සතුව සීනි මෙට්‍රික් ටොන් 20000 කට වඩා අඩු ප්‍රමාණයක් ඇති බවද එම ලිපියේ දැක්වෙයි.

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 128ක් ලෙස සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

සීනි ආනයනය කිරීමට පනවා තිබු සීමාවන් රජය විසින් පසුගියදා ඉවත් කළ ද ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට වාර්තා වී තිබේ.

එම තත්ත්වය තුළ ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලු මුල් කර ගනිමින් පාලන මිල ඉක්මවා යමින් සීනි අලෙවි කරන බවට වාර්තා වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles