සීනි සහ සහල් පිළිබඳ පාලන මිලක්

0
315

ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා සහල් සහ සීනි සඳහා පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වනවා.

පැකට් නොකළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 122කටයි.

පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 128කට අලෙවි කළ යුතු අතර පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125කට අලෙවි කළ යුතුයි.

නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 125ක්.

සුදු හෝ රතු සම්බා කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 103ක මිලකටයි.

වාෂ්පයෙන් තැබූ සුදු හෝ රතු නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වනවා.

සුදු හෝ රතු කැකුලු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 95කටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here