සීනි හිඟයට හේතුව ඩොලර්

0
272

ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්න හේතුවෙන් ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා  පැවසීය.

දුඹුරු සීනි ආනයනය තහනම් කර තිබෙන තත්වය තුළ රට තුළ මේ වන විට දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි පමණක් ඇති බව කී සෙනෙවිරත්න මහතා ඉන්දියාවේ සීනි මිල ඉහළ නොගිය හොත් පාලන මිලට සීනි ලබාදීමේ ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.

සීනි ආනයනට ඩොලර් ප්‍රශ්නය බලපෑම් කර ඇති බවත් ඩොලර් නියමිත පරිදි ලැබෙන්නේ නම් සීනි ආනයනය කිරීමේ ප්‍රශ්නයක් නොමැති බවත් නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here