Thursday, December 26, 2024

සීමා නිර්ණ කටයුතු අවසන් ඡන්දය මාර්තුවේ?

පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ කොට්ඨාස සීමා නිර්ණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණද පනතේ පවතින නෛතික ගැටලු නිසා මැතිවරණය පැවැත්වීම මාර්තු මාසය දක්වා කල් යන බව වාර්තා වේ.
සීමා නිර්ණ කටයුතුවලට අනුව කොට්ඨාස 5,288 ක් නිර්මාණය වී තිබෙන අතර, ඉන් 427 ක් බහු ආසන වශයෙන් නම්කර තිබේ.
සීමා නිර්ණ කටයුතු අවසන් කළද අදාළ කොට්ඨාසවල සිතියම ඇඳීම හා භාෂා තුනෙන් අදාළ පරිවර්තන සිදු කිරීම සඳහා යම් කාලයක් ගතවන බවද සීමා නිර්ණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ නිසා සම්පූර්ණ වාර්තාව බාරදීම ඔක්තෝබර් 31 වැනිදා වනවිට සිදුකරන  බවද එම කොමිසමේ සභාපති අශෝක් පීරීස් මහතා %අද^ කළ විමසීමකදී සඳහන් කළේය.

සීමා නිර්ණය කටයුතු අවසන් කළද නෛතික ගැටලු කිහිපයක් විසඳීමට තිබෙන බවත්, මේ නිසා නෛතික ගැටලු අවසන් කළද මැතිවරණ කොමිසමට උපරිම දින 90 ක කාලයක් අවශ්‍ය බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා %අද^ කළ විමසීමකදී පවසා සිටියේය.
සම්පූර්ණ කටයුතු අවසන් කර දෙසැම්බර් මාසයේදී මැතිවරණය පැවැත්වීමට සිදු වුවද එම මාසයේදී අධ්‍යයන පොදු සහතික සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා එම මාසය තුළ මැතිවරණ නොපැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
සීමා නිර්ණ කටයුතු අවසන් කර නෛතික කටයුතු නොවැම්බර් මාසය වනවිට අවසන් වෙතැයි බලාපොරොත්තු වන බවද මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
සීමා නිර්ණ කටයුතු අවසන් වී ඒ ඒ ආයතනයට අයත් සහිත සංඛ්‍යාව කොතරම්ද යන්න පළාත් පළත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවද සඳහන් කළේය.
මීට අමරතව පනතේ පවතින යම් යම් තාක්ෂණික ගැටලු පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුතු බවද පවසා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles