Monday, September 23, 2024

සීමා නිර්ණ වාර්තාව අද බාරදෙයි

සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට අද දිනයේ බාරදීමට නියමිතයි.

එම කොමිසමේ සභාපති අශෝක පීරිස්  පැවසුවේ අදාළ වාර්තාව පසුගිය සතියේදී  බාරදීමට නියමිතව තිබුණ ද දෙමළ  පරිවර්තන ගැටළු හේතුවෙන් වාර්තාව ලබාදීමට හැකියාවක් නො ලැබුනු බවයි.

කෙසේ වෙතත් එවකට විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  ප්‍රියන්ත ජයරත්න දෙමළ පරිවර්තන සකස් කිරීම සඳහා කාලය ලබා දී තිබුණි.

එහෙත් එය අද දිනයේදී විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාර දෙන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති අශෝක පිරිස් පැවසීය.

මේ අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් දැනට ගැසට් කර ඇති සීමා නිර්ණය පිළිබඳ පවතින ගැටළු පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා අශෝක පීරිස්ගේ සභාපතීත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුවේ ලේකම් ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරනු ලබයි.

අශෝක පීරිස් හැර සෙසු සාමාජිකයන් දේශපාලන පක්ෂවලින් පත්කළ නියෝජිතයන් වන අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නීතීඥ උපුල් කුමරප්පෙරුමත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයිත් පත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් සහ දෙමළ ජාතික සන්ධානයෙන් පත්කළ නියෝජිතයන් දෙදෙනා සහ සීමා නිර්ණය අභියාචනා කමිටු සභාපති අශෝක පීරිස් මේ වන විට අදාළ කමිටු වාර්තාව සඳහා අත්සන් තබා ඇති බව වාර්තාවේ.

කමිටුවේ බහුතර සාමාජිකයන් පිරිසක් වාර්තාව අනුමත කර ඇති බැවින් එහි වලංගුභාවය පිළිබඳ ගැටළු මතු නොවන බව වාර්තා වේ.

මේ අතර සීමා නිර්ණය කමිටු වාර්තාව හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා වෙත සීමා නිරණය කමිටු වාර්තව බාරදුන් දින සිට දින දෙක තුනක් තුළ එය ගැසට් කරන ලෙස ඉල්ලා සිටින කෆේ සංවිධානය සීමා නිර්ණය කමිටුව විසින් ප්‍රශස්ත වූ කාර්ය භාරයක් ඉටු කරනු ලැබූ බවද සඳහන් කරයි.

පසුගිය අගෝස්තු මස සිට මේ දක්වා සීමා නිර්ණය කමිටු වාර්තාව විවිධ හේතු මත ප්‍රමාද වූ බවත් කමිටුවට අවශ්‍ය පහසුකම් සැලසීම ඉහළ මට්ටමක නොපැවතුණ බවත් පෙන්වා දෙන කැෆේ සංවිධානය අවස්ථා ගණනාවක දී කමිටු වාර්තාව ගැසට් කිරීම ප්‍රමාද වූ බවද ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles