Monday, December 23, 2024

සීල් කැඩුවත් නැතත් බාල ගෑස් සමාගම් බාරගත යුතු බව ඇමති අමරවීර කියයි

සීල් කඩා නොමැති ගෑස් පමණක් නොව සීල් කඩා ඇත්තේ බාල ගෑස් නම් ඒවත් එකතු කළ යුතු බවත් විපතට පත්වූ සෑම කෙනෙකුටම සමාගම් වගකිවයුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

 “අපි දන්න විදියට සීල් කැඩුවෙ නැති ගෑස් තමයි දැන් එකතු කරන්නේ. නමුත් සීල් කඩල තිබෙන්නෙත් බාල ගෑස් නම් ඒවත් එකතු කරගන්න ඕනෑ. ගෑස්වලින් විපතට පත්වුණ හැම කෙනෙක්ටම මේ සමාගම් වගකියන්න ඕනෑ. ඒ අයට අනිවාර්යෙන්ම වන්දියක් ලබා දිය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ.

මම බලාපොරොත්තු වෙනවා මේ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර කටයුතු කරන්න. මේ ගෑස් නැවත මේ අය බාරගත යුතුයි. අහිංසක මිනිස්සු මේ කිසිම දේකට වගකිවයුතු නැහැ. වගකියන්න ඕනෑ කණ්ඩායම් ඉන්නවා. ප්‍රධාන වශයෙන් සමාගම් වගකියන්න ඕනෑ” යැයිද කීවේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles