Monday, September 23, 2024

සී.සී.ටී.වී දර්ශනවල සවිස්තර වාර්තාව අධිකරණයට

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියානු රසායනාගාරය වෙත රැගෙන ගිය සී. සී.ටී. වී දර්ශනවල සවිස්තර වාර්තාව රහස් පොලිසිය විසින් මුද්‍රා සහිතව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය. කැනඩාවේ වැන්කුවර්හි පිහිටි බ්‍රිටිස් කොලොම්බිය තාක්ෂණික ආයතන පාඨමාලා ප්‍රධානි ඩේවිඩ් මැකි මහතා වෙත ඉකුත් 19 වන දින රැගෙන ගිය සී. ඩී. තැටි 10ට අදාළ ප්‍රශ්න මාලාවට පිළිතුරු සපයමින් මෙම සවිස්තර වාර්තාව මුද්‍රා සහිතව අධිකරණය වෙත බාර දුන්නේය.

මීට අමතරව ජනාධිපති මන්දිරයේ හා අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය අභ්‍යන්තර දුරකථන ජාල පද්ධතියට අදාළව සවි කර තිබූ මධ්‍යම දත්ත සැපයුම් ඒකකය (CPU) යන්ත්‍රය මේ වන විටත් රහස් පොලිස් බාරයට ගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඒ අනුව මේ මස 5 වන දිනට ප්‍රථම එම මධ්‍යම දත්ත සැපයුම් එක්කය (CPU) පරීක්ෂා කර 2012.05.16 පැය 6 සිට 12.05.17 පැය 6 දක්වා කාලය තුළ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන ජාලයට සම්බන්ධ වූ බාහිර දුරකථන ඇමතුම් හා අභ්‍යන්තර දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් සපයන ලෙසට නො 350, යුනියන් පෙදෙස පිහිටි පෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඊට අමතරව විදේශිය විශ්ලේෂණය සඳහා රැගෙන ගිය සී. ඩී. පට 10 නැවත අධිකරණයට රහස් පොලිසිය විසින් ඊයේ (31) බාර දෙනු ලැබිණ.

අදාළ කරුනු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වෙත දුරකථන වාර්තා මේමස 5 වන දිනට පෙර රහස් පොලිසියට ලබා දෙන ලෙසට නියෝග නිකුත් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles