සුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයි

0
305

රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග විමසා රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයෙන් ලිපියක් යොමුකර ඇති අතර මුදල් අමාත්‍යංශයෙන් ඒ සඳහා මේ දක්වා පිළිතුරක් ලැබී නොමැත.

පසුගිය වසරේ (2020) මාර්තු මස ‘කොරෝනා’ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව මෙරටට ගෙන්වන වාහන වීම නිසා නීතියට පටහැනිව ආනයනය කර ඇති බවත් ඒ හේතුවෙන් එම වාහන රාජසන්තක කරනවාද නැද්ද යන්න පිළිබඳව රේගුව විමසා තිබේ.

මෙම වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ජපානයෙන් සහ බි්‍රත්‍යානයෙන් බලපත්‍ර ක්‍රමයට ආනයනය කළ ඒවා වන අතර එම වාහන වසරකට වැඩි කාලයක් වරායේ තිබීම හේතුවෙන් විනාශ වීමේ අවදානමකට පත්ව තිබේ.

මෙම වාහන රුපියල් කෝටි 1000 ක පමණ වටිනා බවත් විනාශ වීමට ඉඩ හැරීම අපරාධයක් බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here