සුජිත් මංගල ‘ඉරුදින’ ප්‍රධාන කර්තෘ ධුරයට

0
323

ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම විසින් ප්‍රකාශයට පත්කරන සති අන්ත ‘ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මාධ්‍යවේදී සුජිත් මංගල ද සිල්වා මහතා පත්කර ඇත.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීප මාධ්‍යවේදියකු ලෙස සැලකෙන සිල්වා මහතා, වසර 15කට ආසන්න කාලයක් ලංකාදීප පුවත්පතේ සේවය කර තිබිණ.

ඔහුව එම තනතුරට පත්කර ඇත්තේ එම පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක මහතා විසිනි.

නලින් ජයතිලක මහතා විසින් එසේ සුජිත් මංගල ද සිල්වා මහතා පත්කර ඇත්තේ, එහි කර්තෘ ලෙස කටයුතු කල විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කරන බව හදිසියේම දැනුම් දෙමිනි.

විමලනාත් වීරරත්න මහතා එසේ නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here