Tuesday, December 24, 2024

සුඩාන අගමැති ඉල්ලා අස්වෙි

සුඩාන අග්‍රාමාත්‍ය අබ්ඩාලා හැම්ඩොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, තමන් අපේක්ෂා කරන අන්දමින් තමන්ට රටට නායකත්වය ලබා දීම කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

2019 වසර වනතුරු සුඩානයට නායකත්වය දුන්නේ ජනාධිපති ඕමාර් අල් බෂීර් ය. ජනතා අප්‍රසාදය දිගින් දිගටම එල්ල​ වෙද්දී, අල් බෂීර් ජනාධිපති ධුරයෙන් ඉවත් වූයේ ඔහුට ඉවත් වෙන්නැයි සුඩාන වැසියන් දිගින් දිගටම විරෝධතා පැවැත්වූ නිසාය.

ඒ අනුව සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස අබ්ඩාලා හැම්ඩොක් ට රටේ පාලන බලය පැවැරිණි. ජනතාව අපේක්ෂා කළ ආකාරයේ ‘දේශපාලනික වෙනසක්’ සිදු නොවුණු බැවින් දිගින් දිගටම විරෝධතා එල්ල විය.

සුඩාන හමුදාව කුමන්ත්‍රණය කරමින්, අබ්ඩාලා හැම්ඩොක් ධුරයෙන් නරපා දමමින් බලය අල්ලා ගත්තේ ඔක්තෝබර් 25 වැනිදාය.

කෙසේ නමුත් ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම එල්ල වුණු පීඩනය හමු​වේ හමුදා පාලනයට සිවිල් මුහුණුවරක් මෛ් අරමුණින් අබ්ඩාලා හැම්ඩොක් යළි බලයේ පිහිටුවීමට හමුදා ප්‍රධානීහු කටයුතු කළහ.

“රට දිනෙන් දින අගාධයට යනවා. එය නැවැත්වීමට හැකි තරම් මා උත්සාහ ගත්තා. සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මා ඉල්ලා අස්වීමට තීරණය කළා” යැයි හමුදා ප්‍රධානීන් වෙත ඉල්ල අස්වීමේ ලිපිය බාර දී ධුරයෙන් සමුගනිමින් අබ්ඩාලා හැම්ඩොක් පැවැසීය.

(රොයිටර්)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles