සුදත්ත තිලකසිරි C.I.D යට කැඳවයි

0
353

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී සුදන්ත තිලකසිරිට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) වෙතින් කැඳවීමක් කර තිබෙි. ඒ එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සිදුකරන බව කියන පරීක්ෂණයකට යි. අද (13) දින පෙ. ව. 9.30ට ඒ සඳහා සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා එවා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.

සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ කොළඹ කොටුවේ, නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි එම කාර්යාලය වෙතයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් යොදාගනිමින් ‘අසිරිමත් මිනිසා’ ප්‍රචාරක වීඩියෝව නිර්මාණය කළ අය වන අතර පසුව දැඩිව ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here