සුදර්ශිය නැතිනම් අඛණ්ඩ විරෝධතාවක්

0
597

පසුගිය රජය විසින් ජපන් සංස්කෘතික ආයතනය හෙවත් සසකාවා නම් රාජ්‍ය නොවන සංවිධානය වෙත පවරා දී ඇති සුදර්ශි ආයතනයේ (සිංහල සංස්කෘතික ආයතනය) ඉඩම නැවත ලබා නොදෙන්නේ නම්, අඛණ්ඩ විරෝධතාවක් දියත් කිරීමට කලාකරුවන් සූදානමින් සිටින බව සුදර්ශි ආයතනයේ සභාපති ජීවන් කුමාරතුංග මහතා පවසයි.

ඒ අනුව එළඹෙන 22 වැනිදා සුදර්ශිය ඉදිරිපිටදී සිසුන්, දෙමාපින් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව විරෝධතාවක් දියත් කිරීමටද කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.

සුදර්ශිය, සසකාවා ආයතනයට පවරාදීමට විරෝධය පාමින් වූ සංස්කෘතිකමය මුහුණුවරක් ගත් විරෝධතා පා ගමනක් ඊයේ (18දා) සුදර්ශියේ සිට ජපන් තානාපති කාර්යාලය දක්වා දියත් කෙරුණු අතර, එහිදී කලාකරුවන් විසින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා වෙත විරෝධතා සංදේශයක්ද බාරදෙනු ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here