සුදුළුෑණු වංචාව සතොස නිලධාරීන්ට අල්ලස් දීමට ගිය කෝටිපතියාගේ ගෝලයෝ රිමාන්ඩි

0
304

සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සතොස නිලධාරීන්ට අල්ලස් ලබාදීමට සිටි බව කියන තවත් සැකකරුවන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ ගණනක මුදල් සමග පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (28 දා) දක්වා බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සුදුලූනු මිලදී ගැනීමට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෝලයන් බවත් ඔවුන් සුදුලූනු ගනුදෙනුව අවසන් වීමෙන් පසු රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අල්ලසක් ලෙස ලබාදීමට සිට ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා මීට පෙරද මෙවැනි ජාවාරම් සිදුකර තිබේ දැයි හෙළිකර ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරයි.

මෙම සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සතොස නිලධාරියකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇප මත සිටින අතර තවත් පිරිසක් මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරේ.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here