Thursday, January 23, 2025

සුදුළූණු වංචාවේ දත්ත මකා දැමීමක්.. ඇමති පුත‍්‍රයෙකුත් පැටලෙයි.. ෂොපින් බෑග් ටෙන්ඩරය කෝටි 27ක්..

ලක් සතොස ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාවට අදාළ සියලු දත්ත දැන් මකා දමමින් සිටින බව එහි හිටපු හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට විෂයභාර අමාත්‍යවරුන් එම ධුරයන්හි ඉතිහාසය තබාගෙන සිදුකරන පරීක්ෂණ පලක් නැති බවද ඒ මහතා කියයි.

පසුගිය යහපාලන රජයේ හිටපු ඇමතිවරයකු ඥාති පුත්‍රයෙකු ට ලක් සතොස ෂොපින් බෑග් කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් එය මිලියන 270 ක වටිනාකමක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ලක් සතොසේ තේ වියදම පමණක් රුපියල් මිලියන 29ක් යැයිද ඔහු පවසයි.

අද සතොස ආයතනයේ සංචාරක බංගලා පාවිච්චි කරන්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ බවත් පැවසූ අවසන ඔහු සතොස වාහන තබාගෙන කුලී වාහන වලට අසාමාන්‍ය මුදලක් ගෙවමින් සිටින බවද කියා සිටී.

සියලු දූෂණ හෙළි කිරීමට තමන් ජනාධිපතිතුමා මුණගැසීම සඳහා වෙලාවක් ඉල්ලා ඇති බවත් කතාව ඇසූ ගමන් එතුමා සතොස වසා දමනු ඇති බවත් ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

Lanka C News

https://youtu.be/v6eK_45-9HA

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles