සුනිල් පෙරේරා ලන්ඩනයේ මැඩම් ටූසාඩ් කලාගාරයේ යළි ඉපදෙයි

0
329

ලාංකේය කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකීය ව්‍යවසායකයෙකු වන ෆලීල් මරික්කාර් මහතාගේ සංකල්පයකට අනූවයි. ලොව වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයක් වන ලන්ඩනයේ මැඩම් ටූසාඩ් කෞතුකාගාරය 1835 වසරේදී විවෘත කෙරුණා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් ද ඇතුලුව ලොව කීර්තිමත් පුද්ගලයින් රැසකගේ ඉටි රූ වලින් එය සමන්විතයි.

එහි සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් ඉදිකිරීම, ලාංකේය සංගීත කලාව ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here