Saturday, January 11, 2025

සුපිරි කණ්ඩායම් 12 තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින කාණ්ඩයේ දැන් පවතින තත්ත්වය අනුව සුපිරි කණ්ඩායම් 12 තරඟ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට ඇති ඉඩකඩ වැඩි බව වාර්තා වනවා.  

ඒ මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරග දෙකෙන් ම ජයග්‍රහණය කර ඒ කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබාගෙන තිබීම හේතුවෙන්.  

මේ අතර ඊයේ පැවති බී කාන්ඩයේ තරගයකදී ඕමාන කණ්ඩායමට එරෙහිව ස්කොට්ලන්තය ජයග්‍රහණය ලබා ගැනීමත් සමග බංග්ලාදේශය ද බී කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් 12ට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර බී කාණ්ඩයේ තමන් එක් වූ තරග තුනම ජයග්‍රහණය කරමින් ස්කොට්ලන්ත කණ්ඩායම බී කාණ්ඩයේ පෙරමුණ ගත් අතර බංග්ලාදේශ කණ්ඩායම සුපිරි කණ්ඩායම් දොළහ අතරට සුදුසුකම් ලබා ගත්තේ බී කාණ්ඩයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරදා නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ ද ශ්‍රී ලංකාව දැනටමත් ඒ කාණ්ඩයේ පළමු ස්ථානයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව පැවැත්වීමට නියමිත තරග වලදී නැමීබියාව හෝ අයර්ලන්තය යන කණ්ඩායම් දෙකම ඉහළ ලකුණු ලබාගැනීමේ වේගයන් සටහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යෑමේ ඉඩකඩ ඉතාමත් සීමිත වනවා.

ඒ අනුව අපේක්‍ෂා කළ පරිදි ඒ කාණ්ඩයේ පළමුවැනියා ලෙස ශ්‍රී ලංකා කන්ඩායම තරගාවලියේ පළමු වටය අවසන් කලහොත් ශ්‍රී ලංකාවේ තරග කාලසටහන පහට අයුරින් වනු ඇත. .

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඔක්තෝබර් 24 වෙනිදා, ප.ව. 3.30 ට සාජා හිදී

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඔක්තෝබර් 28 වෙනිදා, ප.ව. 7.30 ට ඩුබායි හිදී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඔක්තෝම්බර් 30 වෙනිදා, ප.ව. 3.30 ට සාජා හිදී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර නොවැම්බර් 1 වෙනිදා, ප.ව. 7.30 ට සාජා හිදී

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර නොවැම්බර් 4 වෙනිදා, ප.ව. 7.30 ට අබුඩාබි හිදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles