Tuesday, September 24, 2024

සුභාෂ්කරන් ස්වර්ණවාහිනියට දැමූ අලුත් ලොක්කා රංගා ගෙදර යවයි

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ජේ. ශ්‍රී රංගා එම ආයතනයෙන් ඉවත්කර ඇත.රංගා ඉවත් කිරීමට මුල්ව ඇත්තේ ලයිකා මොබයිල් ආයතනය මගින් ස්වර්ණවාහිනියේ කටයුතු නිරීක්ෂණය කිරීමට පත් කළ අලුත් ලොක්කාය.

රංගා CEO වූ දා සිට ස්වර්ණවාහිනිය පාඩු ලබන බව පෙන්වමින් රංගා ගෙදර යවා ඇතත් ඔහු ගෙදර යැවීමට සැබෑ හේතුව වී ඇත්තේ රංගා මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිට්ටුවෙන් ගනුදෙනු කිරීමය.

ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ස්වර්ණවාහිනිය පාලනයට මෙවර පත්කර ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන අයෙකි.

ඒ අනුව ස්වර්ණවාහිනිය අයත් ඊ.ඒ.පී. ආයතනය සම්බන්ධයෙන් පසුගිය රජයේ අක්‍රමිකතා සෙවීමට මේවන විට ජනපති විසින් කමිටුවක් පත්කර ඇතත් එම කමිටු වාර්තාවෙන් පලක් වේද යන්න මේවන විට ගැටලුවක් වී ඇති බවද වාර්තා වේ.

රංගා ගෙදර යැවීමේ ලිපියට අත්සන්කර ඇත්තේ ලයිකා මොබයිල් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපති ප්‍රේම් සිවසාමිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles