සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50ත් 70ත් අතර ආදායමක්

0
301

මත්පැන්හල් විවෘත කළ පසුගිය සැප්තැම්බර් 09 වනදා සිට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් M.J ගුණසිරි මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50ත් 70ත් අතර ආදායමක් හිමිවන බවයි.

මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

එන්නත් වැඩපිළිවෙළ සහ ආර්ථික හේතුන් මත සුරාසල් විවෘත කර තැබුවත් වැඩි වර්ධනයක් පෙන්නුම් නොකරන බවත්, සාමාන්‍ය දිනක අලෙවි වන ප‍්‍රමාණයට විකිණෙන බව දක්නට තිබෙන බවත් ඒ මහතා පැවසුවා.

මේ අතර ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සුරාසල් වසා නොතැබෙන අතර පසුදින (20 දා) පොහොය දින සුරාසල් වසා තැබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුවට අමතරව දෙවැනියට රජයට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here