Saturday, October 19, 2024

සුලේඛා ඇඳුම් මාරු කරන ෆොටෝ ගත්තු අයට දඩය එක්දාස් පන්සීයයි

ටෙලි නාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකතනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේකමහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මාස තුනක සිර දඩුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කර තිබෙනවා.

සිර දඩුවම වසර පහකට අත්හිටුවා තිබෙනවා.මොහොමඩ් අශාන් සුවහිර් නමැති සැකකරුවකුට මේ සිර දඩුවම සහ දඩ මුදල නියම වුණා.

සැකකරු සේවය කරන දෙහිවල හීල් වීථීයේ අංක 121 ලෙවල් ෆී්‍රටර්ස් නමැති නිමි ඇඳුම් අලෙවි සලට සුලේඛා ජයවර්ධන ඇඳුමක් මිලදී ගැනීමට ගොස් තෝරා ගත් ඇඳුම ඇඳ බැලීම සඳහා ඇඳුම් මාරුකරන කුටියකට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ සැකකරු එම කුටියේ යටින් ඔහුගේ ජංගම දුරකතනය තබා ඇය ඇඳුම් මාරු කරන අයුරු ඡායාරූප ලබාගත් බවට ඇය විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles