ද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 23,000 ඉක්මවා ගියේය.
ඒ අනුව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 31,375ක් වාර්තා වී ඇත.
ඒ අනුව පුද්ගලයින් 7,924 රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඊයේ දිනයේ සිදුවු කොවිඩ් මරණයත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 147කි.