සුවසැරිය අගෝස්තු අග බස්නාහිරට

0
310

ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක “සුවසැරිය” නිදහස් ගිලන් රථ සේවාව මේ මස අග සිට බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) රාජගිරියේ පිහිටි එහි මෙහෙයුම් මැදිරියේ කළ චාරිකාවක දී ය.

එම ගිලන් රථ සේවාව මේ වනවිට දකුණු පළාතේ ක්‍රියාත්මක වේ. එමගින් රැකියා අවස්ථා සංඛ්‍යාව 470 ක් ඇතිකළ බව අමාත්‍යවරයා කීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here