Tuesday, September 24, 2024

සුසිල්ගේ ප්‍රහාරයෙන් පසු තවත් ප්‍රහාර පෝලිමක් බලාපොරොත්තු වන්න!

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ඉලක්ක කර කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු තවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ප්‍රසිද්ධියේම ආණ්ඩුව විවේචනය කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඊයේ දින සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදු කළ කතාවෙන් පසු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බවත්, එහිදී මෙම තීන්දුව ගෙන ඇති බවත් දැනගන්නට ඇත.


මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වශයෙන් කටයුතු කළද පසුගිය කාල සීමාව පුරාම ඔවුන්ගෙන් කිසිදු වැඩක් නොගෙන පසෙකට කොට තැබීම මේ සදහා හේතු වී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩුව විවේචනය කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles