සුසිල් ඉවත් කළේ රාජ්‍ය බුද්ධි වාර්තා තොරතුරු සැලකිල්ලට අරගෙනයි

0
349

හිටපු අමාත්‍ය සිසුල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කරනු ලැබුවේ දෙලපොළේදී සිදුකරන ලද ප්‍රකාශ පමණක් පදනම් කරගෙන නොවන බවත් රාජ්‍ය බුද්ධි තොරතුරු මත පදනම්ව ගනු ලැබූ තීර්ණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

අද නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපේ රටම දැක්කේ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා දෙල්කඳ පොළේ ගිහින් කරපු කතාව. ඒ් කතාව මූලික කරගෙන තමයි ඒතුමාව ඉවත් කළේ කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. හැබැයි මතක තියා ගන්න ඔ්න මේ රටේ තියෙනවා රාජ්‍ය බුද්ධි සේවය කියලා ඒකක්. ඒ් රාජ්‍ය බුද්ධි සේවයෙන් එන සමහර තොරතුරැ ආණ්ඩු්ඩු පිළිබඳව වෙන්න පුළුවන්. රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබ  වෙන්න පුළුවන්, විකල්ප ආණ්ඩු හැදීම පිළිවෙන්න පුළුවන්, දේශපාලන වාතාවරණය පිළිබද වෙන්න පුළුවන්, ඒ හා බැදුනු ඒ ආශ්‍රිත කරුණු රාශියක් ඒකරාශිවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කිරීමට සිදුවන්නේ. 

එහෙම නැතිව දෙල්කඳ පොළේ සිදුකරන ලද කතාව හින්දම විතරක් නෙවෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here