Sunday, September 22, 2024

සුසිල් FCID විරෝධයේ රහස- රුපියල් කෝටි 103ක වංචාවක් පරීක්ෂණ දිගටම

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී යැයි අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කර ඇති අතර ඔහු එම ප්‍රකාශ කර ඇත්තේ එම පොලිස් කොට්ඨාශය මගින් ඔහුට එරෙහිව බරපතල මුල්‍ය වංචාවක් පිලිබදව විමර්ශන සිදුකෙරමින් පවතින නිසා බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

සුසිල් ප්‍රම්ජයන්ත මහතා ඛනිජතෙල් අමාත්‍ය ධුරය දරන සමයේ තෙල් නැව් 08ක් ආනයනය කිරීමේදී සිදුකළ රුපියල් එකසිය තුන්කෝටි හැත්තෑ අටලක්ෂයක (රු. 1,037,800,000) වංචාවක් පිලිබදව මෙම පරීක්ෂණය සිදුකෙරේ.

සාමාන්‍යයෙන් මෙලෙස තෙල් මිලදී ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ වෙළදපලේ දින ගණනක සාමාන්‍ය මිලට ඇනවුම් කිරීම් වුවත් සුසිල් ප්‍රම්ජයන්ත ඇමතිවරයාගේ බලපෑම් නිසා තෙල් සංස්ථාව තෙල් ඇනවුම් කර ඇත්තේ එම මිලගණන්වල ඉහළම මිලටය. එමගින් තෙල් සංස්ථාවට බරපතල මූල්‍ය අලාභයක් සිදුවී ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විශාල මුදලක් මෙමගින් අයුතු ලෙස උපයාගෙන ඇතිබවට පැමිණිල්ලේ දැක්වේ.

ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ බලපෑම් නිසා මෙම පැමිණිල්ල පිලිබද විමර්ශන අඩාලවී ඇති අතර ප්‍රේම්ජයන්ත යහපාලන ආණ්ඩුවට එක්වීමට හේතු වුයේ මෙම පැමිනිල්ල බවද පැවසේ. ප්‍රම්ජයන්ත අමාත්‍යවරයා හදිසියේම පොලිස් මූලය අපරාධ කොට්ඨාශයට එරෙහිව ප්‍රහාරයක් දියත්කළේ පවතින තත්වය යටතේ මෙම පැමිණිල්ල යළි විභාගයට ගැනීමට ඇති අවධානම නිසා වියහැකිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මහින්ද රාජපක්ෂගේ අඩිපාරේ යමින් වංචා හා දූෂණය පිළිබද චෝදනා යොදාගනිමින් තම බලය රැකගැනීමට තම අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්‌ හසුරුවන බවද මෙමගින් අනාවරණය වේ.

පොලිස් මූලය අපරාධ කොට්ටාශයට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කටයුතු කරන්නේද මෙවැනි පසුබිමක් තුළය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles