සුහුරු පාලනයක් රටේ ගොඩනඟන්නට පැමිණි ආණ්ඩුව මහරෑ රටේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් හොර රහසේ විකුණන තත්ත්වයට පත්වෙලා

0
310

රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම බිම් කොටසක හිමිකම තිබිය යුතු බවත්, ඇතැම් දේශපාලන කුහකයින් ඊට එරෙහි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ පාසල් යන දුවා දරුවන් සියලු දෙනාට නූතන තාක්ෂණය සමඟ ටැබ් පරිගණකයක් ලබා දිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා නූතන අධ්‍යාපනයෙන් ජය ලබා ගැනීමට නම් එය අත්‍යවශ්‍ය බවද පැවසීය.

වර්තමාන ආණ්ඩුව පැමිණියේ සියල්ල හොඳටම කරන්න බව පැවසූ විපක්ෂ නායකතුමා, හොඳටම කිරීමෙහි ප්‍රතිඵලය අද රටම භුක්ති විදිමින් සිටින බවද පැවසීය.ගෙයක් ගෙයක් ගානේ ගෑස් සිලින්ඩර පිපිරෙන මට්ටමට රට පත්ව ඇති බව පැවසූ ඒ මහතා ගොවි ජනතාවද මේ ආණ්ඩුව විසින් නැත්තටම නැති කොට ඇතැයිද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (30) මිහින්තලය තිරප්පනේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජනහමුවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ. සුහුරු පාලනයක් රටේ ගොඩනඟන්නට පැමිණි ආණ්ඩුව මහරෑ රටේ රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත හොර රහසේ විකුණන තත්ත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here