Wednesday, December 25, 2024

සුළු පක්ෂ දෙකකට වවුනියාවෙදී කෙනෙහිලිකම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වවුනියාව රැස්වීමේදී ගැටම්කාරී තත්වයක් උද්ගතවූ බව වාර්තාවේ.

මෙම රැස්වීමට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ආරාධනා නොකිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඊට විරෝධය දැක්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගෙන තිබේ.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ ජේ ධර්මකීර්ති සහ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සම්පත් පියතුංග හට මෙලෙස එම රැස්වීමට ආරාධනා කර තිබුණේ නැත.

රැස්වීම පැවැත්වෙන ස්ථානයට මෙම පක්ෂ නියෝජිතයින් දෙදෙනා පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී ති‌බේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles