සෙනසුරාදා වන තුරු පැට්‍රල් නෑ! ඩීසල් අද රාත්‍රියෙන් පසු රටපුරා….

0
983
kanchana

හදිසි, අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම් ඉදිරි දින 03 තුළ පෙට්‍රල් පෝලිම්වලට නොඑන ලෙස අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටී.

රට තුළ ඉන්ධන බෙදා හැරීම, පවතින ඉන්ධන සංචිත පිළිබඳ  දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පවසන්නේ, ලබන 23 වැනිදා පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

තව ද ජුනි 23 වැනිදා පෙට්‍රල්  නැවක් සහ  ජුනි 24 වැනිදා ඩීසල් නැවක් ලබා ගැනීමට ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කළ බව ද අමාත්‍යවරයා සඳහන්  කළේ ය.

අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී දැනුම් දුන්නේ, සියලු පෞද්ගලික බස් රථ සඳහා ආසන්නම ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බැවින් වෙනත් පිරවුම් හල් වෙත නොයන ලෙසයි.

පෞද්ගලික තිරෝද රථ හා යතුරුපැදි වෙත අංක තහඩුවේ අවසන් ඉලක්කම මත දින වෙන් කර ඉන්ධන ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්  කළේ, ලබන සතියේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් හදිසි, අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන වෛද්‍ය කණ්ඩායම්වලට සහ පොලිස් නිල රථවලට පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here