Sunday, September 22, 2024

සෙලෙන්දිවා සෙල්ලම…..

පෝට්සිටිය අවට පිහිටි රජයේ ඉඩම් සහ ගොඩනැගිලි රැසකට ආණ්ඩුව උකුසු ඇස යොමු කර තිබෙනවා. ඒ බව අනාවරණය කරමින් නිවුස් ෆස්ට් අද වාර්තා කළේ එම ඉඩම් සහ රජයේ ගොඩනැගිලි රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය පදනම මත ආයෝජන ව්‍යාපෘති කිහිපයකට යෙදවීමට ආණ්ඩුව සූදානමින් සිටින බවයි.  ඒ සඳහා  කැබිනට් අනුමැතිය මත කොටස් සියයට සියක් ම මහා භාණ්ඩාගාරයට අයිති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම නමින් පිහිට වූ සමාගම මූලිකව යොදා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. එහිදී  එම සමාගම යටතේ පරිපාලනය වන තවත් අනුබද්ධ සමාගමක් පෝට් සිටිය අවට පිහිටි රජයේ ඉඩම් සහ ගොඩනැගිලි ආයෝජන ව්‍යාපෘති සඳහා යෙදවීම සිදු කරනු ඇති. ඒ අනුව 

කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් ව්‍යෘතියට අයිති අක්කර් 1.57 භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සහ යෝක් ගොඩනැගිල්ල, අක්කර 0.75ක භූමි ප්‍රමාණයක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල, අක්කර 1.5ක පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල සහ අක්කර 0.81ක භූමි ප්‍රදේශයක පිහිටි මහ තැපැල් කාර්යාලය

නිශ්චල දේපොළ සංවර්ධන පහසුකම් සැලසීම යටතේ ඇති කොළඹ නෙළුම් කුළුණ ආසන්නයේ අක්කර 1.37ක පිහිටි සීනු අවන්හල, අක්කර පහක භූමියක පිහිටි වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සහ යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය 

රජයට අයත් සත්කාරක අංශය යටතේ ඇති හිල්ටන් කොලොම්බු ඇන්ඩ් ස්පෝර්ට්ස් සෙන්ටර්, ග්‍රෑන්ඩ් හයිට් කොළොම්ඹූ 

යන වටිනා ඉඩම් සහ දේපොළ ආයෝජනය සඳහා යොදා ගැනීමට නියමිතව තිබෙන බවද නිවුස් ෆස්ට් අනාවරණය කළා. පහත දැකවෙන්නේ එම විඩියෝවයි.

– newsfirst (Sirasa)

Newsfirst

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles