ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර දුරකතන කතාබහක් පැවැත්විණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එම දුරකතන කතාබහ පැය දෙකක් තිස්සේ පැවැත්වුණු බවය.
රුසියාව, යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය දක්වමින්, එම සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කිරීම නිසාය. ‘නෝටෝ’ යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට නැගෙනහිර සහ දකුණු දිග යුක්රේනයේ රුසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබූ පළාත් 4 ක් රුසියාවට ඈඳා ගැනීම ද සිදුවී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතර මෙසේ දුරකතන කතාබහක් පැවැත්වූයේ, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු පළමු වතාවටය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භයේ පටන් ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන්දීය රජය සැමවිටම කියා සිටියේ අර්බුදය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතු බවය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ පැවැති දුරකතන කතාබහේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මේ බව යළි අවධාරණය කළේය.
නැගෙනහිර යුක්රේනයේ ගැටුම් පවතින පළාත්වල න්‍යෂ්ටික බලාගාර ඇති අතර, ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් යුක්රේනයේ පමණක් නොව රුසියාවේ ද අවධානය යොමු විය යුතු බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, යුක්රේන ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.
මේ වනවිට බටහිර රටවලින් ආධාර ලෙස ලැබී ඇති අවි ආයුධවලින් සන්නද්ධ යුක්රේන හමුදා, රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටි පළාත් සහ නගර යළි මුදා ගැනීමට සමත් වී සිටී. පසුගිය දා ඩොන්බාස් පළාතේ, ලයිමාන් නගරය ද යළි අත්පත් කර ගැනීමට යුක්රේන හමුදා සමත් විය.