සෙසු දුම්රිය මගීන්ටද ප්‍රවාහන පහසුකම් ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි

0
314

දුම්රිය ධානවයේදී වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන් පමණක් නොව සෙසු මගීන්ට ද ප්‍රවාහන පහසුකම් ලබාදිය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, මේ වන විටත් දුම්රිය ආසන වෙන් කිරීම සඳහා Online ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.

දීර්ඝ කාලයක් රට වසා දැමීම හේතුවෙන් බොහෝ පිරිසක් වාර ප්‍රවේශ පත්‍ර ලබා නොගැනීමෙන් අපහසුතාවට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here