සේරම කුණු යහපාලනයට දාන්න එපා. යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් තියන්න පුළුවන්

0
324

යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

අද යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුවන බවද පැවසූ සේරම කුණු යහපාලන ආණ්ඩුවට නොදමන ලෙස ද සිරිසේන මහතා ඉල්ලා සිටියේ ය.

තම රජය සම්මත කළ පනත් කොපමණද? කළ දේවල් මොනවාද? යන්න අද කවුරුත් කතා නොකරන බවත්, යහපාලනය, යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුකරන බවත් හෙතෙම කීවේය.

එසේම යහපාලන රජය විසින් සම්මත කළ පනත් මොනවාද, කල දේවල් මොනවාද යන්න අද වර්තමානයේදී කවුරුවත් කතා නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ සිතියම හැකිළුවේ යහපාලන ආණ්ඩුව නොව ජේ.ආර් ජයවර්ධන මහතා බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය. ‘මම මේ රටට 19 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දුන්න මිනිහෙක්.

ලෝකෙ කොයි නායකයද තමන්ගේ බලය ඉවත් කළේ’ යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here