සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු බේරා ගනියි

0
382

සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු ගැඹුරු මුහුදේ අතරමංව සිටියදී බේරුවල ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර , ඔවුන්ගෙන් දෙදෙනකු බහුදින ධීවර යාත්‍රාවකින් බේරුවල ධීවර වරායේ ධීවර යාත්‍රා මධ්‍යම වැඩපොල අංගනය වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙසේ රැගෙන විත් ඇත්තේ 25 සහ 30 වියැති සෝමාලියානු ධීවරයන් දෙදෙනෙක්.

අගෝස්තු 8 දා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවර සිව්දෙනකු හමුව තිබෙන අතර පසුව බෝට්ටු දෙකකට දෙදෙනා බැගින් නංවාගෙන තිබෙනවා.

වෙරළ ආරක්ෂක නිලධාරී කාර්යාල නිලධාරීන් සඳහන් කලේ අනෙක් දෙදෙනා නංවාගත් බහුදින ධීවර යාත්‍රාව ඉදිරි දින කිහිපය තුළ බේරුවල ධීවර වරායට ළඟාවීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here