සෝමාලියාවට ශෝක කාලයක්

0
672

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදු වූ බෝම්බ පිපිරීමෙන් අනතුරුව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලායි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෝටලයක් ඉදිරිපිට සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 230ක් මේ වන විට මියගොස් ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 300ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිඳු පාර්ශවයක් භාරගෙන නැත.

2007 වසරෙන් පසු සෝමාලියාවට එල්ල වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here