Monday, September 23, 2024

සෝමාලියාවේ වසර 30කට පසු චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කරයි

දශක තුනක කාලයක් මුළුල්ලේ දරුණු සටන් ඇවිලීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී ගොස් තිබූ සෝමාලියාවේ වසර 30කට පසු ප‍්‍රථම වරට චිත‍්‍රපටයක් පෙරේදා (22දා) මහජනතාවට ප‍්‍රදර්ශනය කර තිබේ. කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා භටයන් අතර දරුණු ගැටුම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සෝමාලියානු සමාජය තුළ සංස්කෘතික පුනරුදයක් ඇති කිරීමේ අරමුණින් මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කර ඇත්තේ එරට ජාතික රඟහලේදීය.

 චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කෙරුණු රඟහල කලක් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඉලක්කයක්ව තිබූ අතර යුද නායකයන් විසින් එය ඔවුන්ගේ පරිහරණයටද යොදා ගෙන තිබූ නමුදු එහි චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කර ඇත්තේ ප‍්‍රථම වරටය.

 සෝමාලියානු චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ඉබ‍්‍රහිම් සීඑම් විසින් නිපදවූ කෙටි චිත‍්‍රපට දෙකක් මෙහිදී ප‍්‍රදර්ශනය කර ඇති අතර ‘හුස්’ හා ‘ඩෙිට් ෆ්‍රොම් හේල්’ යන මෙම කෙටි චිත‍්‍රපට දර්ශන වාරයක් සඳහා එක් අයකුගෙන් අය කර ඇති ඩොලර් 10ක මුදල බොහෝ දෙනකුට දරාගත නොහැකි මුදලක් බව අනාවරණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles