“සෞඛ්‍යවත් මහ සයුර – ලොවක් සුඛිතවත් කරයි” ජගත් සාගර දිනය අදයි..

0
969

ජගත් සාගර දිනය අද (08) ට යෙදී තිබෙනවා. සමුද්‍ර පරිසරයේ වැදගත්කම පිළිබඳව ලෝක ප‍්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි මස 08 වනදා ජගත් සාගර දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා.

සෞඛ්‍යවත් මහ සයුර – ලොවක් සුඛිතවත් කරයි. යන්න මෙවර ජගත් සාගර දිනයේ තේමාවයි.

මීට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 07 ට කොළඹ විහාරමහාදේවි එලිමහන් රංගපීඨය අසලින් එය ආරම්භ වීමට නියමිතයි.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී සාගර පරිසර විද්‍යාඥ ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේ සාගර පරිසරයේ ආරක්‍ෂාව පිළිබද බොහෝ දෙනෙකු අවධානය යොමු නොකරන බවයි. එහෙත් සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය මෙන්ම යල මහ කන්න සදහා මෝසම් සුළං ඇතිවීම වැනි කරුණු සාගර පරිසර ආරක්‍ෂණය හා බැදී පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයේ වෙරළ කලාප දූෂක දර්ශකයේ 5 වන ස්ථානයට ශී‍්‍ර ලංකාව පත්ව තිබීම මෙහි බැරැරුම් තත්ත්වය පෙන්නුම් කරන අවස්ථාවක් බවද ඒ මහතා පෙන්වා දුන්නා. කෙසේවෙතත් ඉදිරියේදී මෙම තත්ත්වයෙන් මිදීමට සැලසුම් කි‍්‍රයාත්මක කර ඇති බවයි ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here