Wednesday, January 15, 2025

සෞඛ්‍ය අංශයේ 5000 කට කොවිඩ් – GMOA

රට පුරා රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000 කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අතරින් හෙද නිලධාරීන් 1000 කට අධික පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

එසේම කොළඹ ජාතික රෝහලේ පමණක් හෙද නිලධාරීන් 170 කට අධික පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල නොමැතිව සේවය කරන බවත් ඒ පහසුකමවත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් දැන් ක්‍රියා නොකරන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගැබිණි මවුවරුන් සේවයට කැඳවා ඇති බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව ගැන සෞඛ්‍ය බලධාරීන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක් බවත් එම සංගමය කියයි.

කොවිඩ් ආසාදනය වී සංකුලතා වලට ගොදුරු වී ඇති පුද්ගලයන්ගෙන් 90%ක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව කඩිනමින් කටයුතු කළ යුතු බව එම සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළා.

එමෙන්ම මේ වන විට රෝහල්වල වාට්ටු නැවත වාරයක් රෝගීන්ගෙන් පිරෙන තත්ත්වයක් ඇතිව තිබෙන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම ආර්ථිකය පහත නොවැටී පවත්වා ගැනීමට නම් රටක් වශයෙන් අනුගමනය කළ යුතු පියවර දෙකක් ඔහු සඳහන් කළා.

ඉන් පළමු වැන්න සෞඛ්‍ය නීති පිළිපැදීම හා දෙවැන්න තෙවැනි මාත්‍රාව ලබා ගැනීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles