සෞඛ්‍ය අංශ යළි වර්ජනයකට ලබන 02 දා සිට යළි වර්ජනයකට සැරසෙයි

0
260

තම ගැටලුවලට තවදුරටත් විසඳුම් ලබා නොදුනහොත් යළි වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මෙම වර්ජනය ලබන මාර්තු 2 වනදා සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසනවා.

ඔවුන්ට ලබාදුන් දින 14ක කාලය මාර්තු 1 දිනෙන් අවසන් වන බව එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

“සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකගතා කිසිවක් මේ වනතුරු ඉටු කරලා නැහැ, ලබා දුන් දින 14ක කාලය මාර්තු පළමු වැනිදා දිනෙන් අවසන්, විධායක නිළධාරීන්ගේ ඒකාබද්ද කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනව විෂමතාවයන් වර්ධනය කර තිබෙනවා”.

එමෙන්ම සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කරගත් එකඟතා කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති අතර මේ හේතුවෙන් දෙවැනි දින සිට වර්ජනය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විධායක කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනාව මඟින් විෂමතාවක් වර්ධනය කර ඇති බවද එහි කැඳවුම්කරු කියා සිටිනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකගතා කිසිවක් මේ වනතුරුත් ඉටු කර නොමැති හෙයින් විධායක සභාව රැස්වී ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here