සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසට සාකච්ඡාවක්

0
587

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (23) දහවල් පැවති විරෝධතාවක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ. 

අප වාර්තාකරු පැවසුවේ විරෝධතා පා ගමනකින් පැමිණි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ සේවකයින් බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළුවීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගත් බවය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවකයින් මෙම විරෝධතාව ආරම්භ කළ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස  විරෝධතාකරුවන් ඉල්ලා ඇත.

ඒ අනුව ඔවුන්ගේ නියෝජිතයින් කිහිප දෙනෙකුට සාකච්ඡාව සඳහා අවස්ථාවක් හිමිවී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here