සෞඛ්‍ය අමැතිගෙන් විශේෂ ඉල්ලීමක්

0
427

කොවිඩ් මර්දන එන්නත මෙතෙක්  ලබාගෙන නැතිනම් වහාම  එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි   සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වයස 60ට වැඩි පුරවැසියන්ගෙන්  විශේෂ ඉල්ලීමක් කරයි.

මෙම වයස් කාණ්ඩයේ  පිරිස් වලට කොවිඩ්  වැළඳීම ඉහළ බවත් කොවිඩ්  වැළඳීමෙන්  මියයන පිරිසෙන් බහුතරයක්ද වයස 60 ට වැඩි පුද්ගලයන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වැරදි ආකල්ප සහ මතවාද නිසාද  සමහරුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා තත්වයක් ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here