සෞඛ්‍ය ඇමතිගෙන් අජිත් රෝහණට නව තනතුරක්…

0
364

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින්  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති අජිත් රෝහණ මහතා දුම්කොළ සහ මධ්‍යසාර  පිළිබඳ   ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් පත්කර ඇත.

අජිත් රෝහණ මහතාට අමතරව විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු මහත්මියද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරනු ලැබ තිබෙනවා.

ඒ සඳහා වන පත්වීම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම අමාත්‍යංශයේදී ඊයේ (05) ලබා දුන්නා.

පොලිස්පතිවරයා නියෝජනය කරමින් අජිත් රෝහණ මහතා මෙම තනතුරට පත් කරනු ලැබූ අතර, අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති ලෙස වෛද්‍ය අමරබන්දු මහත්මිය මේ සඳහා පත්කරනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here