සෞඛ්‍ය බලධාරීන් හදන්නේ අලුත් ඇමැතිත් ’’ෆේල්’’කරන්න

0
292

ජනතාවට ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් මර්දනය කිරීම නතර කොට කොරෝනා  මර්දනයට එකතු වෙන්නැයි සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

කොරෝනා මර්දනය වෙනුවෙන් නව සෞඛ්‍ය ඇමැති සමඟ වැඩ කරන්නට සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සූදානම් බව කී රත්නප්‍රිය මහතා ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ කුමන්ත්‍රණය වලට හසුවී “ෆේල්” වෙන්නට එපායැයි ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී සමන් රත්නප්‍රිය මහතා කීවෙි සෞඛ්‍ය ඇමති සාධනීය වැඩකොටසක් කරන්න උත්සාහ ගනිමින් සිටින නමුත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවුලක් නිර්මාණය කරන්නට හදන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here