සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ වන්නේ මෙහෙමයි

0
333

පාසල් ආරම්භ කරනවිට දැනට නිකුත් කර ඇති ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඔහු මෙම අදහස් පළ කළේ.

එමෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා සදහන් කළේ, පාසල් විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා සිය සංගමය පූර්ණ දායකත්වය ලබාදෙන බවයි.

මේ අතර, පිරිවෙන් සහ ශීලමාතා ආරාම හෙට යළි ආරම්භ කිරීමට නියමිතයි.

දහම් පාසල් භික්ෂු අධ්‍යාපන සහ පිරිවෙන් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here