සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන අලුත් තීරණයක්

0
336

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන මාර්ගෝපදේශ විටින් විට අපි අලුත් කරනවා. මේ දක්වා බලාත්මකව තිබුණේ, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂ හේතුවක් මත සමහර විට නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙනවා. ඒ වගේම මේ දක්වා පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කරන්න කියලා අපි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

මේ දක්වා බලාත්මකව තිබුණේ, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here