සෞඛ්‍ය වැඩවර්ජනය දින 14 කට තාවකාලිකව අත්හිටුවයි

0
287

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කරමින් සිටි වැඩ වර්ජනය දින 14 ක් සඳහා තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය.

ඒ අනුව වැඩ වර්ජනය හෙට (16) පෙරවරු 8.00 සිට අත්හිටුවන බව රවී කුමුදේශ් මහතා කීය.

ඉදිරි දින 14 තුල සිය ගැටලු විසදීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඔවුහු පවසති.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම් 18ක් දින 9ක් පුරා මෙම වර්ජනය සිදුකළහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here