Sunday, September 22, 2024

සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනයකට සැරසෙයි

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සිකුරාදා (8) වැනිදා එක්දින වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

වෘත්තීය සමිති 40ක සහභාගීත්වයෙන් 08 වැනිදා දවස පුරා සේවයෙන් ඉවත්වී සිටීමට අමතරව උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද රට පුරා කි‍්‍රයාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා පවසනවා.

කොවිඩ් වසංගතය අවසන් වනතුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් නොකිරීම, බහුකාර්ය සංවර්ධන බලකා සේවකයින් සෞඛ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීම නතර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම එක්දින වැඩවර්ජනය සිදුකරන බව රත්නපි‍්‍රය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles