සෞඛ්‍ය වෘත්තීය සමිති අද තුන්වන දිනටත් වර්ජනයේ

0
453

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සම්මේලනය ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තුන්වන දිනටත් අද ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාමටයි ඔවුන් පියවර ගත්තේ.

මේ අතර මේ සදහා ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනම් විසදුම් ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

කෙසේ නමුත් මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පැමිණෙන ජනතාව මහත් පීඩාවට පත්වූ අවස්ථා රැසක් මේ දින කිහිපයේදීම දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here