Sunday, September 22, 2024

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරුද්ධව අල්ලස් දුෂණ පැමිණිල්ලක්

මගී ප‍්‍රවාහන බස් රථ ධාවනය අත්හිටුවා ඇතත් දැනටමත් අත්‍යවශ්‍ය සේවා යැයි පවසමින් රට පුරාම බස් රථ ධාවනය සිදු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ආණ්ඩුවට සම්බන්ධ මහා පරිමාණ බස්රථ හිමිකරුවන් මෙරට ප්‍රධාන රෝහල් අසලින් දුර ගමන් සේවා බස් රථ ද මගී ප‍්‍රවාහනයේ යෙදෙන බව සංගමය සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඒ සඳහා බලපත්‍රයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අත්සන් කරන ලද ලිපියක් භාවිතා කරමින් සිටින බව ද ඔහු කියා සිටියි.

මෙම බස් රථවල ගාස්තු වල සාමාන්‍ය ගාස්තු මෙන් දෙගුණයක් අය කරන බවත් මගීන් සූරා කමින් සිදුකරන මෙම කටයුත්ත සම්පූර්ණ නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වලට විරුද්ධව මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට දැනුම් දෙන බවත් ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles