සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති හතරක් හෙට (25) වැඩ වර්ජනයක

0
593

රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණයට විරෝධය දැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හතරක සේවකයෝ හෙට (25) බස්නාහිර පළාත තුළ සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා සංගමය හා වෘත්තීය සමිති හතරේ සාමාජික සාමාජිකයෝ එම සංකේත වැඩ වර්ජනය වැඩ වර්ජනයේ නිරත වෙති.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සේවය කරන සියලු සේවකයින්ට දැඩි අවදානමක් තිබිය දී වෛද්‍යවරුන් පමණක් විශේෂ කොට සැලකීම ඉතාම අසාධාරණ පියවරක් හෙයින් ඊට විරෝධය දැක්වීම සඳහා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද එම වෘත්තිය සමිති කියයි.
– SOURCE – LANKADEEPA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here