ස.ජ.බ. මන්ත්‍රීවරුන්ගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

0
321

නයිටිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලැබීය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සි.අලවතුවල, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

නයිටිටුජන් දියර පොහොර ආනයනය කිරීමේදී විශාල මූල්‍යමය වංචාවක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් සිදුකරන ලෙසත් මෙම පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.

එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නො බලා දඬුවම් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here